පාරිභෝගිකයාට වාසිදායක පණිවුඩයක්
ලංකා සතොස නමින් ජල බෝතල් අලෙවිය අද (5) සිට ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පාවිච්චි කරන ලද එම හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත මිලදී ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි.
ලංකා සතොස නමින් එස්.එල්.එස්. සහතිකය ඇති කුඩා ප්‍රමාණයේ ජල බෝතලයක් රුපියල් 35 කට අලෙවි කරන බවත් පරිසර දූෂණය වැළැක්වීමේ පියවරක් ලෙස එම හිස් ජල බෝතලයක් රුපියල් 10 කට නැවත ලබා ගැනීම නිසා පාරිභෝගිකයාට ජල බෝතලය වෙනුවෙන් රුපියල් 25 ක් පමණක් වැයකිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
සතොසට මෙම ජල බෝතල් අලෙවියෙන් සියයට 25 ක ලාභ කොටසක් හිමිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය
(Aruna)