Sunday, July 06, 2025
Follow Us
ගංගා අවට ජනතාව පරිස්සමින්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාව දැනුවත් කිරීමක්


වැසි තත්වයත් සමග ජලාශවල ගේට්ටු වරින් වර විවෘත කිරීමට සිදුවන බැවින් මහවැලි ගඟ, කලාඔය සහ මුන්දෙණිආරු යන ගංගාවල ජලය පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අම්පාර රඹකැන් ඔය ජලාශයේ වාන් දොරටු දෙකක්ද,අනුරාධපුර දිස්ත්‍රික්කයේ යාන් ඔය ජලාශයේ වාන් දොරටු තුනක්ද,රාජාංගණය ජලාශයේ වාන් දොරටු හතරක්ද,අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩී.අබේසිරිවර්ධන පැවසීය.

මීට අමතරව,මඩකලපුව උන්නච්චිය ජලාශයේ වාන් දොරටු තුනක්ද,රූගම් ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇත.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අටක්ද විවෘත කර ඇත. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීම නිසා සුංගාවිල සිට සෝමාවතිය මාර්ගයද තාවකාලිකව වසා දමා ඇත.

ජලාශවල ගේට්ටු විවෘත කිරීම නිසා ගංගාවල ජල මට්ටම් වැඩිවිය හැකි බැවින් ගංගා ආශ්‍රිත මාර්ග භාවිත කිරීමේදී සැලකිලිමත් වන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

(Aruna)