රිදියගම අක්කර දෙකක් සුනඛයින්ට වෙන් කරයි
සුනඛයින් රැකබලාගැනීම සඳහා හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයයේ අක්කර දෙකක භූමි ප්‍රදේශයක් වෙන් කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පැවසුවාය.
සෑම මාසයකදීම සුනඛ පැටවුන් තුන් හතර දෙනකු සෆාරි උද්‍යානය අසලට ඇතැමුන් ගෙනැවිත් දමන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය කියයි.
සෆාරි උද්‍යානයේ අක්කර දෙකක කොටස වෙන්කළ පසු සුනඛයින් එම කොටසට සීමා කෙරෙන අතර, එම සතුන්ට ආහාර පාන ලබාදීම ද සිදුකෙරේ. මේ නිසා සෆාරි උද්‍යානයේ තැන තැන සුනඛයින් ගැවසීමද අවම වන බව ඇය කීවාය.
එමෙන්ම, සෆාරි උද්‍යානයේ සුනඛ පැටවුන් නිවසට රැගෙන ගොස් රැකබලා ගැනීමට ළමයින්ට අවස්ථාව සලසා දීමට ද කටයුතු යොදා ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.
(Aruna)