Sunday, July 06, 2025
Follow Us
බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 41 ඉක්මවයි

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් ගණන ලක්ෂ 41 ඉක්මවාගොස් තිබෙනවා.

ඒ, ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 36,754 දෙනෙකු සිය බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීමත් සමඟයි. ඒ අනුව මේ දක්වා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් මෙරට සමස්ථ පුද්ගලයින් ගණන හතලිස් එක් ලක්ෂ 14,182 ක් දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 1,648 දෙනෙකු ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගෙන තිබෙනවා. ඊයේ දිනයේදී ලබාදී ඇති ෆයිසර් එන්නතේ පළමු මාත්‍රා ගණන 396 ක්.

(Neth)