මේ වන විට වෙළඳ පොළේ බුලත් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් බුලත් විටක මිලද ඉහල ගොස් ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදි හෙලි වුණේ. එහිදී අනාවරණ වුණේ රුපියල් 02ත් 03ත් මිලක පැවති බුලත් කොළයක මිල මේ වන විට රුපියල් 5ත් 8ත් අතර මිලකට වැඩි වී ඇති බවයි. ඒ හේතුවෙන් රුපියල් 50ක පැවති බුලත් විටක මිල 60ත් 80ත් අතර මිලක් දක්වා වැඩි වී තිබෙනවා.
බුලත් මිල මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ යාමට ප්‍රභල ලෙස බලපා ඇත්තේ පොහොර හිගයයි. කොරෝනා වෛරසය හේතුවෙන් බුලත් වෙළදපොල කඩා වැටීමත් සමග බොහෝ ගොවීන් බුලත් වගාවෙන් ඉවත් වුණා. යළි බුලත් වෙළදපොල යථා තත්ත්වයට පත්වන අවස්ථාවේ ගොවීන් සිය වගාකටයුතු ආරම්භ කළත් පොහොර අර්බුධය හේතුවෙන් මේ වන විට බුලත් අස්වැන්න අඩු වී තිබෙනවා. පොහොර නොමැතිකමින් බුලත් කොළයේ ප්‍රමාණයද කුඩා වී ඇති බවයි ගොවීන් පවසන්නේ.
මීට පෙර රුපියල් 1,500ත් 2,000ත් අතර මිලක පැවති බුලත් 1,000ක මිටියක මිල මේ වන විට රුපියල් 7,000ට ලං වී තිබෙනවා.
කොළ 40ක බුලත් අතක මිල මේ වන විට රුපියල් 260ක් දක්වා වැඩි වී ඇති බවයි බුලත් ව්‍යාපාරික කාන්තාවක් වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ ප්‍රීති ප්‍රියදර්ශනී පැවසුවේ.
පොහොර නොමැතිකමින් විදේශීය වෙළදපොල පවා ජයගත් මෙරට බුලත් වගාවටද දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා. පවතින තත්ත්වය යථා තත්ත්වයට පත්වීමට තවත් මාස 05ත් 07ත් අතර කාලයක් ගතවනු ඇති බවටයි ගොවීන් අනාවැකි පළ කරන්නේ.
(Neth)