රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා. ඉල්ලීම් 07 කට සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් විසදුම් ලබාදී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැන් පැවැත්වෙන විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ.
ඉකුත් දෙසැම්බර් 21 වනදා සිට දින 04 ක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයක නිරත වුණා. ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය චමිල් විජේසිංහගෙන් විමසීමක් කළා.
(Neth)