ජල ගාස්තු ගැන ජල සම්පාදනයෙන් ආරංචි වූ දේ
ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ලබාදුන් සියයට 10 ක වට්ටම මෙම මස සිට අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසයි.
බලධාරීන්ගෙන් ජල ගාස්තු වැඩි කරන ලෙස අවස්ථා කීපයකදීම ඉල්ලීම් කළ ද එයට හොඳ ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් වර්තමාන තත්වය මත අදාල වට්ටම තවදුරටත් ලබා දිය නොහැකි නිසා එය අත්හිටුවූ බව ඔහු සඳහන් කරයි.
ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට සියයට 10 ක වට්ටම 2012 වසරේ සිට ලබාදුන් බවත් ජලසම්පාදන මණ්ඩලයට තව දුරටත් ජනතාවට සහන ලබාදීමේ හැකියාවක් නොමැති බවත් ඔහු පවසයි.
ජලසම්පාදන මණ්ඩලය සෙසු ජල ඒකකවලට අදාලව කිසිඳු ගාස්තුවක් ඉහළ දැමීමක් කර නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
(Aruna)