අලුතෙන් ගෙන්න යන චක්‍රලේඛයක් ගැන ප්‍රභලයෙක් ගෙන් ප්‍රකාශයක්
විවාහයකදී දරුවන් පස් දෙනෙකු හැදිය යුතු යැයි රජය නීති පැනවීම් සිදු කළ යුතු බවට යෝජනා කරන බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.
අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට සිදුව ඇති පීඩනය පිළිබඳව සිය ස්තාවරය ප්‍රකාශ කිරීම් සඳහා දඹුල්ල ප්‍රදේශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
රෙජිස්ටාර් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විවාහ ගිවිස ගැනීමේ නව චක්‍ර ලේඛය කඩිනමින් වෙනස් කොට මෙරට විවාහ ගිවිස ගැනීමේදී දරුවන් පස් දෙනෙකු අනිවාර්ය කරන ලෙස නීති පැනවිය යුතු බව ඔහු පවසයි.
රටතුල පවතින පෝලිම් සංස්කෘතියට අනූව හැඩගැසීමට නම් එවැනි නීතියක් ගෙන ආ යුතු බව ඔහු අවධාරණය කරයි.
“දැන් ඔක්කොට ම පෝලිම් නේ, දරුවෝ පහක් හැදුවොත් එහෙම අඩු ම ගානේ බාල ම එකා තෙල් පෝලිමට තියන්න පුළුවන්. දෙවන එකා ගෑස් පෝලිමට තියන්න පුළුවන්. ගෑස් සිලින්ඩරයක් හොඳ එකක් බලන්න.මොකද දවස් දෙකක් තුනක් යනවා නේ ගෑස් සිලින්ඩරයක් ගන්න.අනිත් එකා කිරිපිටි පෝලිමට, ඊළඟ එකා සීනි පෝලිමට. කැඳ ටිකක් හරි බොන්න ඊළග එකා තියන්න වෙනවා හාල් පෝලිමට.”
(Aruna)