Monday, July 07, 2025
Follow Us
කුකුළු මස් හා බිත්තර මිල පහළට

පහළ ගිය මිල ගන්න මෙන්න


උත්සව සමයේ දී ශීඝ්‍රයෙන් ඉහළ ගිය බිත්තර හා කුකුළු මස් මිල මේ වනවිට පහත බැස තිබේ.

රුපියල් 750ක්ව පැවති කුකුළු මස් කිලෝවක් රුපියල් 700ත් 690ත් අතර මිලකට මේ වනවිට අලෙවි වන බව කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේය.

කුකුළු මස් මිල රුපියල් 50ත් 60ත් අතර අගයකින් අඩු වී තිබෙන අතර බිත්තරයක මිල ද රුපියල් 3කින් අඩු වී ඇත.

ඒ අනුව රුපියල් 26ක් ව පැවති බිත්තරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 23කට ය.

(Aruna)