සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය අද සිට යළි වසා දැමෙනවා. ඒ, බොරතෙල් මිලදී ගැනීමේදී මතුව ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන්. මීට පෙර නොවැම්බර් 15 වනදා එම තෙල් පිරිපහදුව වසා දැමුණු අතර එය යළි විවෘත කෙරුණේ දෙසැම්බර් 07 වනදායි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ ජනවාරි 26 හෝ 27 වනදා සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වරින්වර වසා දමා විවෘත කිරීමේදී එහි උපරිම ප්‍රතිපල ලබාගත නොහැකි බවයි තෙල් පිරිපහදු රසායනාගාර විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිටපු ප්‍රධානී සහ කාර්මික සේවා කළමනාකරු සිරිල් සුදුවැල්ල.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අණ්ඩව පවත්වාගෙන යාම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ඔහු සඳහන් කළේ. ඒ සඳහා මැදපෙරදිග රටවල සහය ලබාගැනීමට අවධානය යොමු කළ යුතු බව ද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිටපු ප්‍රධානී සහ කාර්මික සේවා කළමනාකරු සිරිල් සුදුවැල්ල වැඩිදුරටත් සඳහන් කළා.
(Neth)