Monday, July 07, 2025
Follow Us
කොටුව දුම්රිය පොළේ ඩිජිටල් පුවරුව අක්‍රීයවීමෙන් දෙස් - විදෙස් මගීන් අසීරුතාවට

කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේ ස්ථාපිත දුම්රිය වේලාවන් සටහන් කෙරෙන ප්‍රධාන ඩිජිටල් පුවරුව වසරකට අධික කාලයක සිට අක්‍රීය වී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන් මෙන්ම විදෙස් සංචාරකයින් ද පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවයකටයි.

මෙරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවෙමින් ඇති පසුබිමක කොළඹ ප්‍රධාන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක මෙවැනි තත්ත්වයක් පැවතීම සංචාරක ක්ෂේත්‍රයට ද බලපෑමක් එල්ල කරන බවයි දුම්රිය මගීන් පවසන්නේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය සඳහා මෙම ඩිජිටල් පුවරුව වෙනුවට නව ඩිජිටල් පුවරුවක් සවි කිරිම සඳහා අවශ්‍ය කටයුතු සලසමින් ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.

(Neth)