Monday, July 07, 2025
Follow Us
කුඩා දරුවන් දෙදෙනෙකුට දුන් අමානුෂික දඬුවම

පියා දරුවන් දෙදෙනා නිරුවත්කර ගස්බැඳ ඇඟ පුරු මිරිස් අතුල්ලා පහරදීලා


පියා විසින් වයස අවුරුදු 7 හා 6 ක තම සිගිති දියණිය සහ පුතා නිරුවත් කර ගස් බැද ශරිරයේ මිරිස් ගල්වා පහර දුන් අවස්ථාවක් හැටන් කුඩාගම ගම්මානයෙන් වාර්තා විය.

හැටන් කුඩාගම ජනපදයේ සමගි මාවතේ වාසය කරන පුවුලකි.දරුවන් සිවුදෙනෙකුගෙන් සමන් විත මෙම පවුගේ ගැහැණු දරුවන් තිදෙනෙක් හා එක් පිරිම දරුවෙකි.

වැඩිමහල් ගැහැණු දරුවගේ වයස අවුරුදු 11 වන අතර අනෙකුත් ගැහුණු දරුවන් දෙදෙනා වයස අවුරුදු 8 හා 7 වන අතර පිරිමි දරුවගේ වයස අවුරුදු 6 කි.

ඊයේ සවස මෙම දරුවන්ගේ පියා විසින් කුඩාම දරුවන් දෙදෙනා නිරුවත්කර ගස්බැද ඇග පුරු මිරිස් අතුල්ලා පහර දෙමින් සිටිය දි ප්‍රදේශවාසින් විසින් දරුවන්ගේ කැමෝර දිම හා හඩා වැටිම බලා සිටිය නොහැකිව මැදිහත් වී බෙරාගෙන තිබේ.
නිතර බිමත්ව පසුවන මෙම පුද්ගලයා සිය බිරිදට හා දරුවන්ට නිතර පහර දෙන බවත් ටිටෙක බිරිදට පහර දී අතක් කඩා දැමිම නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලැබිමට සිදුවු බවත් එම කාන්තාව පවසයි.පහර දීමට පෙර දොර වසා යකට පොල්ලක් හිරකර දොර ඇරගැනිමට නොහැකි වන ලෙස තදකොට පහර දෙන බවද පවසයි.

අද දිනයේ ද නගරයේ සිට පැමිණ මෙලෙස පහර දුන් බව ඇය පවසන්නිය.වැඩි දුරටත් කරුණු දක්වන ඇය පවසන්නේ පෙර දිනයේ තමාට රුපියල් 2000 ක් ලබා දී එය වියදම් කලහොකත් මරා දමන බවට සැමියා විසින් තර්ජනය කල බවත් එම නිසා එම මුදල් තමා පරිස්සම් කර තබාගෙන සිටි බවත්ය.සිද්ධිය වු දිනයේ පල්ලියට දීම සදහා යැයි පවසමින් රුපියල් 200 ක් ලබා දුන් බවත් එම මුදල දි කෑමට යමක් රැගෙන එන ලෙස කුඩා දරුවන් දෙදෙනා අසල වු වෙලදසැලකට යැවු අවස්ථාවේ කුඩා දරුවා දර මිටියක් රැගෙන ආ සිදුවීමක් මුල් කර ගනිමින් නිවසට පැමිණි විගස තමාටත් දරුවන්ටත් නිරිදය ලෙස පහර දුන් බවත් පසුව මෙම කුඩා දරුවන් දෙදනො ගස් බැද මිරිස් ගා පහර දුන් බව හා තමාටද දරුවන්ට මිරිස් අතුල්ලන ලෙස පැවැසු බවත්ය.

මෙලෙස ඔහු විසින් දරුවන්ට සහ කාන්තාවට පහරදෙමින් සිටිය දි ප්‍රදේශවාසින් විසින් මහත් පරිස්ශ්‍රමයකින් දරුවන් බෙරා ගැනිමට පියවර ගෙන තිබේ.ප්‍රදේශවාසින් පවසන පරිදි මෙම පුද්ගලයා නිරන්තරයෙන් මෙවන් අඩදඹර කර මින් දරුවන්ට හා සිය බිරිදට පහර දෙන බවත් එක් අවස්ථාවක දි දියිණියකට පහර දී අසල ලිඳකට දමා තිබිය දි අළුයම දෙකට පමණ බෙරා ගැනීමට කටයුතු කර ඇත.එමෙන්ම දරුවන් බොහෝ අවස්ථාවල කුස ගින්නේ පසුවන බවත් එවන් අවස්ථාවල කෑම ටිකක් දීම ඔවුන් පුරුද්දක් ලෙස සිදු කරන බව හා පාසල් යන වයසේ පසුවන දරුවන් නිසි පරිදි පාසල් අධ්‍යයන කටයුතු වල නිරිතවීමක්ද සිදු නොවන නිසා කිසියම් වැඩපිළිවලකින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිතය කරන්නේ නම් පුණ්‍යකර්මයක් වන බවය.

මෙම පුද්ගලයා මෙලෙස හැසිරෙන බොහෝ අවස්ථාවල පොලිසියට දැනුම් දීම ප්‍රදේශවාසින් විසින් සිදු කරන අතර පොලිසිය පැමිණ රැගෙන ගොස් පසු දිනයේ නැවත බිරිද ද ගෙන්වා සාමාදාන කර නිවසට එවු මුත් යලිත් පෙර පරිදිම කටයුතු කරන බව ගම්වාසින් අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම දරුවන්ගේ පියා පවසන්නේ දරුවෝ වරදක් කලාම නැවත එම වරද නොකිරිමට නම් දඩුවම් කල යුතු බවත් එම නිසා ගස්බැද මිරිස් අලේප කල බවයි.

(Aruna)