ඔමික්‍රෝන් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න
ශ්‍රී ලංකාව තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් වැඩිවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ දැඩිව අවධාරණය කරයි.
මේ වනවිට ඔමික්‍රෝන් ආසාදිතයින් 48 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රෝගීන් සඳහා වු නිවෙස්ගත ප්‍රථිකාර සේවයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.
එම රෝගීන් ප්‍රධාන වශයෙන් කොළඹ, ගම්පහ සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබෙන බව ඇය පවසයි.
නිවෙස්ගත රෝගී සත්කාර සේවාවටත් ඉදිරියේදී ඔමික්‍රෝන් රෝගීන් ඇතුළත් වියහැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
“පසුගිය සති 2ක ඇතුළත පැහැදිලිව ඔමික්‍රෝන් ප්‍රභේදයේ වැඩිවීමක් පෙන්නුම් කළා. මේ වෙනකොට ඔමික්‍රෝන් රෝගීන් 48ක් හඳුනාගෙන තිබෙනවා. ඒ රෝගීන් ප්‍රධාන වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්. අනුරාධපුරය දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වෙලා තියෙනවා. ඔමික්‍රෝන් අවධානම අපි තේරුම් ගත යුතුයි. සෞඛ්‍ය නිර්දේශ නිසි ලෙස පිළිපදින්න. මේ රෝගයට රටම ගිලගන්න තත්ත්වයකට ඉඩ තියන්න එපා.”
නිවෙස්ගත ප්‍රථිකාර ක්‍රමය සඳහා 2021 ජුනි 07 සිට දෙසැම්බර් 31 දක්වා රෝගීන් 130,072ක් ලියාපදිංචි වී තිබූ බවත් ප්‍රථිකාරවලින් පසු මුදාහැරි රෝගීන් ප්‍රමාණය 125,168ක් වන බවත් ය වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව දෙසැම්බර් 31ක වනවිට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,096ක් පමණි.
මේ අතර රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ ද කොවිඩ් -19 ආසාදිතයින් සමාජය තුළ සිටිය හැකි බැවින් සියලුදෙනාම සෑම ස්ථානයකදීම සෞඛ්‍ය පුරුදු පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළයුතු බවද විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.
ඇය පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය තුළ නිවෙස්ගත ආසාදිතයින් වාර්තාවීම පහළ යාමට හේතු වී ඇත්තේ ඔවුන් පද්ධතියට වාර්තා නොකිරීම විය හැකි බවය.
(Aruna)