Thursday, July 03, 2025
Follow Us
නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා 1913

මුදල් අමාත්‍යාංශයේ මෙහෙයවීම මත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා 2019 අගෝස්තු මස 19 වන දින හඳුන්වා දෙන ලද පැය 24 පුරා සේවය සපයන 1913 ක්ෂණික දුරකථන අංකය මගින් ජනතාවගේ කඩිනම් හා සාර්ථක ප්‍රතිචාර ලැබී ඇත.

එම අංකය හඳුන්වා දී සතියක් ඇතුළත නීතිවිරෝධී ලෙස මත්පැන් නිපදවීම, සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මහජනතාවගේන් පළමු සතිය තුළ පැමිණිලි 473 ක් ලැබී ඇත.