Monday, July 07, 2025
Follow Us
දුම්රිය වර්ජනය අවසන්

සාකච්ඡා සාර්ථකයි


දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද වර්ජනය මේ වන විට අවසන් කිරීමට තීරණය කර තිබේ.

ඒ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා සාර්ථකවීම හේතුවෙනි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ සිය ඉල්ලීම් 25න් 10ක් සඳහා සාධනීය පිළිතුරු හිමිවූ බවයි.
ඒ අනුව හෙට (29) දින සිට සුපුරුදු රාජකාරි කටයුතු ආරම්භ කරන බව සුමේධ සෝමරත්න මහතා පැවසීය.

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට ආරම්භ කරන නමුත් සියලු දුම්රිය හෙට සිට ධාවනය නොවන බව ද ඔහු සදහන් කළේය.

කෙසේ වෙතත් දින දෙකක් ඇතුළත දුම්රිය මගීන්ට අවශ්‍ය ප්‍රමාණයට දුම්රිය යෙදවීමට බලාපොරොත්තු වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)