Monday, July 07, 2025
Follow Us
ඔමික්‍රෝන් වෛරසයේ රෝග ලක්ෂණ 8ක් හඳුනා ගැනේ

මේ රෝග ලක්ෂණ ඔබටත් තිබේදැයි බලන්න


ඔමික්‍රෝන් කොවිඩ් 19 වෛරස ප්‍රභේදය මේ වනවිට ලෝකයේ බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිරයමින් පවතී.

අමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය සහ එක්සත් රාජධානිය ඒ අතුරින් ප්‍රමුඛ වේ.

එම වෛරසයෙන් බේරී සිටීමට නම් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීම මෙන්ම සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස පිළිපැදීම වැදගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වුවහොත් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණ 8ක් ගැන සඳහන් වේ.එම රෝග ලක්ෂන පහතින් දැක්වේ.

01.උගුර කැසීම
02.නාසයෙන් දියර ගැලීම
03.මහන්සිය
04.කිවිසුම් පිටවීම
05.පිටෙහි පහළ ප්‍රදේශයේ කැක්කුම
06.හිසේ කැක්කුම
07.රාත්‍රියට දහඩිය දැමීම
08.මාංශ පේශීන්වල ඇතිවන කැක්කුම

(Aruna)