Monday, July 07, 2025
Follow Us
කාති උසාවි අහෝසි කරන්න

එක නීතියක් කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක්


කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයකු වූ මොහොමඩ් සුබයිර් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කළේය.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී පෙරේදා (26 වැනිදා) සිදු කෙරුණි.එහිදී හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මෙම ඉල්ලීම කළේය.

මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝ කාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බවද ඔහු පැවසුවේය.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සහ බහු විවාහ මෙන්ම ආගම කොටස්වලට බෙදාගෙන සංවිධාන පිහිටුවීම තහනම් කළ යුතු බවද , බොහෝ අවස්ථාවල කාති උසාවිවල නඩු ඇසීම සිදු කරනු ලබන්නේ නීතිඥවරයකු නොවන කාතිවරයෙක් බවත්,නීතියට අදාළ වන ලිය කියවිලි හා එසේ නොවන ලේඛන නිවැරදිව හඳුනාගැනීමට කාතිවරයකුට නොහැකි වන අවස්ථා තිබෙන බවද ඔහු ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ පැවසුවේය.

කමිටුවේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර ස්වාමින් වහන්සේ, කමිටුවේ සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ, පානි වෑවල,එරන්ද නවරත්න සහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ අනු කමිටුවේ සභාපති වෛද්‍ය ජීවක බණ්ඩාර මෙම අවස්ථාවට සහභාගි වූහ.

(Aruna)