Monday, July 07, 2025
Follow Us
ඉකුත් සතියේ මහජනතාවගේ හැසිරීම ඉතා කණගාටුදායකයි

කොරෝනා වසංගතය හමුවේ ඉකුත් සතියේ මහජනතාවගේ හැසිරීම ඉතා කණගාටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ බොහෝ පිරිස් එම කාලය තුළ සෞඛ්‍ය රීතීන් උල්ලංඝණය කළ බවයි.

මේ අතර මෙරට කොරෝනා මර්දන වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 24, 355 දෙනෙකු ඊයේ බූස්ටර් මාත්‍රාව ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් තිස්තුන් ලක්ෂ 91, 472 දෙදෙනෙකුට බූස්ටර් මාත්‍රාව ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 143 දෙනෙකු කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති අතර තවත් 353 දෙනෙකු සිය දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා මර්දන වැඩසටහන යටතේ මේ දක්වා පුද්ගලයින් එක්කෝටි පනස්නව ලක්ෂ 82, 166 දෙනෙකු කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා.

ඒ අතරින් එක්කෝටි තිස්අට ලක්ෂ 29, 473 දෙනෙකු සිය දෙවන මාත්‍රාව ද ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

(Neth)