Monday, July 07, 2025
Follow Us
වර්ජනයකට යනවාද? නැද්ද? දුම්රිය බලධාරීන් සහ වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡාව පෙරවරුවේ

දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය බලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. අද පෙරවරු 10 ට ආරම්භ වන එම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් දීපව්‍යාප්ත දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

දුම්රිය ස්ථානාධිපති සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් 10 න් 8 කට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එකග වී ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ.

(Neth)