Monday, July 07, 2025
Follow Us
ඩෙංගු මාරයා ජීවිත 26ක් බිලිගනී

මේ වසරේ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000ක්


මේ වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය සදහන් කළේ අදාළ කාලසීමාව තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට ආසන්න බවයි.
රෝග ලක්ෂණ පවතී නම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සදහන් කරයි.

(Aruna)