Monday, July 07, 2025
Follow Us
රන් කිලෝ 600ක් උකසට

ආර්ථික උද්ධමනය නිසා ජනතාවට සිදු වූ දේ


කොවිඩ් 19 වසංගතය ආරම්භ වීමෙන් පසු ඇතිවූ ආර්ථික උද්ධමනය නිසා රටපුරා ජනතාව පසුගිය මාස කිහිපයේදී පමණක් සිය ස්වර්ණාභරණ දළ වශයෙන් කිලෝ 600 ආසන්න ප්‍රමාණයක් උකස්කර සහ විකුණා ඇතැයි වාර්තා වේ.

කොවිඩ් වසංගතය සමග ඇතිවූ ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන අලුතින් ස්වර්ණාභරණ මිලදී ගැනීම සියයට අසූවකින් පමණ පහත බැස ඇති බව කොළඹ හෙට්ටිවීදිය සහ ග්‍රෑන්පාස් ප්‍රදේශවල ස්වර්ණාභරණ වෙළෙඳසල් කිහිපයක හිමිකරුවෝ සඳහන් කරයි.

ජනතාව මේ දිනවල වැඩි වශයෙන් පැමිණෙන්නේ ස්වර්ණාභරණ උකස් කිරීමට හා විකිණීමට බවත් ආර්ථික ප්‍රශ්න නිසා අද වැඩිදෙනකු රත්රන් ආලේපිත ස්වර්ණාභරණ පාවිච්චියට පෙළඹී සිටීම හේතුවෙන් තමන්ගේ ආදායම සැලකිය යුතු ලෙස පහත බැස ඇතැයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි

(Aruna)