ලොව පුරා කිතුනුවන් ප්‍රීතියෙන් සමරන නත්තල අදයි. ජේසුස් වහන්සේගේ උපත සිහිකරමින් කිතුනුවන් නත්තල සමරනවා.
උදාවූ අසිරිමත් නත්තල දිළිදු සහ අසරණ ජනතාවට පිහිට වීමට අවස්ථාවක් බවට පත් කර ගත යුතු බවයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කළේ.
වර්තමානයේ මෙරට ජනතාවට සිය ජීවිතය සතුටින් ගත කළ නොහැකි තත්ත්වයක් මතුවී තිබෙනවා. එම තත්ත්වයන් අමතක කර කිසිවෙකුටත් නත්තල සැමරිය නොහැකි බවයි කාදිනල් හිමිපාණන් පෙන්වා දුන්නේ.
නත්තලේ සැබෑ අරුත වටහා ගනිමින් එය සැමරිය යුතු බවද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් සඳහන් කළා.
(Neth)