Monday, July 07, 2025
Follow Us
කොළඹ තරු හෝටල් 31 රෑ පාටි දාන්න ඉල්ලයි

ජනතාවට කොවිඩ් අමතක වෙයි


දෙසැම්බර් 31 වැනිදා රාත්‍රි සාද පැවැත්වීම සඳහා කොළඹ නගරයේ තරු පහේ හෝටල් දොළහෙන් දෙකක් පමණක් කොළඹ මහ නගර සභාවෙන් අනුමැතිය ඉල්ලා විනෝද බදු ගෙවා ඇති බව වාර්තා වෙයි.

අනෙක් තරු පහේ හෝටල් දහයම රාත්‍රි ආහාර සඳහා පමණක් විවෘතව තබන බව කොළඹ මහ නගර සභාව කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත.

ඊට හේතු වී ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයි. වෙනත් වසරවලදී දෙසැම්බර් 31 සාද සඳහා පුද්ගලයන් 500කට වැඩි පිරිසක් හෝටල්වලට ඇතුළු වුවද මෙවර නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා දෙන්නේ පුද්ගලයන් 200කට පමණි.

කෙසේ වෙතත් දැනට අනුමැතිය ඉල්ලා නොමැති තරුපහේ හෝටල් සමග සදුදා (27 වැනිදා) දිනයේ ද කතා කර සාද පැවැත්වීම සම්බන්ධ වාර්තාවක් සකස් කිරීමටද මහනගර සභාව තීරණය කර තිබේ. කෙසේ වෙතත් රාත්‍රි ආහාර සඳහා පමණක් විවෘත කරන බව ප්‍රකාශ කරමින් දෙසැම්බර් 31 වැනිදා රාත්‍රි සාද පැවැත්වන බවට වාර්තා වීම නිසා තරු පහේ හෝටල් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට කොළඹ මහ නගර සභාව සූදානමින් සිටියි. වාර්තා වන අන්දමට එම හෝටල්වල සාද සඳහා මේ වන විටත් සම්පූර්ණ ඇණවුම් ලැබී ඇත.

(Aruna)