Monday, July 07, 2025
Follow Us
නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 දක්වා පහළට

නුවරඑලිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම අද අලුයම මල්තුහින පතිත වී තිබෙනවා.

ඒ, නුවරඑලිය තුරග තරග පිටිය , ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ නුවරඑලිය අවට තේ වතු සහ එලවළු වගා ගොවිපලවල් ආශ්‍රිතවයි.

මල්තුහින පතිත වීම නිසා එළවළු, තේ සහ මල් වගාවන්වලට බලපෑම් එල්ල කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අද උදැසන කාලයේ නුවරඑලිය ප්‍රදේශය ආශ්‍රිතව පැවතියේ දැඩි ශීත කාලගුණයක්.

මේ අතර නුවරඑලියේ නගර සභා සිමාව තුල අද අලුයම් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශය 5 දක්වා පහල වැටි තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(Neth)