Tuesday, July 08, 2025
Follow Us
සුරා වැරැදි සම්බන්ධයෙන් මෙරට කාන්තාවන් 5000ක් අත්අඩංගුවට

2021 සුරා වැරැදි සම්බන්ධයෙන් 36,000ක් අත්අඩංගුවට


සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2021 වසරේ සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 36,067ක් අතුරින් 5,000කට ආසන්න පිරිසක් කාන්තාවන් බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි.

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය, නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම, කෘත්‍රිම රා අලෙවි කිරීම, රජයේ අනුමත මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් මෙම කාන්තාවන් අත්අංගුවට ගෙන ඇත. වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාතෙනි. 2021 වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත් නිකුත් කළ ස්ථාන ආශ්‍රිතව සිදුකළ වැරදි 2,713ක් වෙයි. මෙම වැටලීම්වලදී අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 400 ඉක්මවන වන අතර දඩ මුදල්වලින් රුපියල් මිලියන 116ක් ලබා ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

(Aruna)