ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ ක්ෂේත්‍ර රැසක් සිය මිල ගණන් ඉහළ නැංවීමට සූදානම් වනවා. ත්‍රීරෝද රථ ගාස්තු, බස් ගාස්තු, බහාලුම් ප්‍රවාහන ගාස්තු සහ පාන් ඇතුලු බේකරි නිෂ්පාදන ද ඒ අතරට අයත්.
වැඩි කළ ඉන්ධන මිලට සහනයක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී බස් ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ. සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් සඳහන් කළේ සහනයක් ලබානොදෙන්නේ නම් අවම ගාස්තුව රුපියල් 25 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවයි.
සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ අවම ගාස්තුව රුපියල් 80 ක් දක්වා ඉහළ නංවන බවයි.
සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ පාන් ඇතුලු බේකරි නිෂ්පාදන සඳහා පැවති පාළන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බවයි.
සමස්ථ ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත්තේ ආනයන, අපනයන බහාලුම් ප්‍රවාහනය කිරීමේදී අය කරන ගාස්තුව සියයට 20 කින් ඉහළ දැමීමටයි. ඒ අනුව බහාලුම්වල බර සහ එය ප්‍රවාහනය කරන ස්ථානය දක්වා ඇති දුර වෙනුවෙන් අය කළ ගාස්තු ඉහළ යනු ඇති.
(Neth)