Tuesday, July 08, 2025
Follow Us
සරුංගලයෙන් උඩුගුවනට ගිය තරුණයාගේ පාපොච්චාරණය

නොසිතු ලෙස උඩු ගුවනට යන අයුරු


යාපනය – පේදුරුතුඩුව, පූලෝලි ප්‍රදේශයේ නටරාජා මහේන්ද්‍රන් සරුංගලයක් ගුවනට යැවීම සඳහා පසුගිය 18 වනදා ප්‍රදේශයේ වගා බිමකට ගියේ සිය මිත්‍රයන් ද සමගයි.

සරුංගලය ගුවනට යැවීම සඳහා එම කඹය අල්ලාගෙන සිටි මහේන්ද්‍රන් නොසිතු ලෙස උඩු ගුවනට යන අයුරු ජංගම දුරකතනයක මෙලෙස පටිගත කර තිබුණා.

මෙම ත්‍රාසජනක සිදුවීමට මුහුණ දුන් තරුණයා විනාඩි 10 පමණ කාලයක් ගුවනේ රැඳී සිට, ඔහු බිමට ඇඳ වැටෙන දර්ශනය සාමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා

සිදුවීමෙන් පසු ඔහුට සුළු තුවාල පමණක් සිදු ව ඇති අතර,

දින 03ක් රෝහල්ගත ව ප්‍රතිකාර ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සිය ත්‍රාසජනක වූ අත්දැකීම ඔහු මෙලෙස විස්තර කළා.

“මම සරුංගලයක් යවන්න ගියා.

සරුංගලයේ එක කෙලවරක් ගහක බැදලා තිබ්බේ.

එක පාරටම මාව උඩට ඇඳගෙන ගියා.

මම අඩි 150ක් විතර උඩට ගියා.

මම කෑ ගැහුවා. මම හිතුවේ මම මැරුණා කියලා තමයි.

ලණුව අතහැරුණ නම් මම මැරෙනවා.

මගේ පුතා බිම හිටියා.

එයා මාව දැකලා අත්පොඩි ගහලා සතුටු වෙලා.

පහල හිටපු අය ලණුව අදිනකොට මීටර් 20ක් විතර තියෙද්දී මම වැටුණා. මට ක්ලාන්තය වගේ දැනුණා.

බිමට වැටුණට පස්සේ මොනවද වුණේ කියලා මම දන්නේ නැහැ.

මේක මගේ ජීවිතයට අමුතුම අත්දැකීමක්,” බව යි සිද්ධියට මුහුණ පෑ තරුණයා කියා සිටියේ.

(Aruna)