Tuesday, July 08, 2025
Follow Us
බස් ගාස්තු වැඩි කරන්න ඉල්ලයි

බස් සදුදා ධාවනයෙන් ඉවත් වෙයිද?


ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සියයට පහළොවත් විස්සත් අතර ප්‍රමාණයක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි

මෙයට අමතරව රුපියල් දාහතරක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ඇති බව ඔහු පවසයි.

එම සංශෝධන ලබා නොදුනහොත් ලබන සදුදා(27) වන විට බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පියවර ගන්නා බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ යාම, බස් රථ අමතර කොටස් වල මිල ඉහළ යාම, ලිහිසි තෙල් මිල ඉහල යාම, සේවා ගාස්තු ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙස ඉල්ලයි.

කෙසේ වෙතත් බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද (21) පස්වරුවේ තම සංගමයේ සාමාජිකයින් රැස්වන බවද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)