බේකරි නිෂ්පාදනවල මිල ඉහළට
පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට කිසිදු මිල පාලනයකින් තොරව අලෙවි කිරීමට බේකරි හිමියන් තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අප සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළයාමත් සමග මෙම තීරණය ගත් බවයි.
උදාහරණයක් ලෙස පාන් රාත්තලකින් ලාභයක් ලබා ගැනීමට නම් අවම වශයෙන් රුපියල් 100කට අලෙවි කළ යුතු බව එන්. කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙයි.
“ඉන්ධන මිල වැඩි වුනාට පස්සේ ඉදලා රට වටේ ඉන්න බේකරි හිමියන් මගෙන් කතාකරලා අහනවා පාන් ගෙඩියක් අපි කීයට ද විකුණන්න ඕනෙ කියලා.
මම කිව්වේ හරි මිලක් නියම කරන්න බැහැ. අද දවසේ පාන් මිල කියලා සාධාරණ මිලකට අලෙවි කරන්න කියලා මම කිව්වා.”
(Aruna)