පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ අර්බුදය මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිස්ත්‍රික්ක 05 ක සංකේත වැඩවර්ජනයක් අද ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 08 සිට මන්නාරම, ත්‍රීකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 05 හේ මෙම වර්ජනය පැය 24 ක කාලයක් ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම ප්‍රකාශ කළේ.
පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබීම සඳහා සුදුසුකම් ලැබූ වෛද්‍ය කණ්ඩායම් 02 ක වෛද්‍යවරුන් 1500 ක් පමණ මේවනවිට පත්වීම් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. එම වෛද්‍යවරුන් දුෂ්කර ප්‍රදේශ, පර්යන්ත, රෝහල් සහ කොවිඩ් ඇතුළු විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නිවැරදිව අනියුක්ත කිරීම තුලින් එම රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ හිගයට විසඳුම් ලැබෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
කෙසේවෙතත් සෞඛ්‍ය බලධාරීන් අත්තනෝමතික ලෙස පශ්චාත් සීමාවාසික ලැයිස්තු සැකසීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති අතර එම තීරණයට විරෝධය දක්වමින් අදාළ දිස්ත්‍රික්ක 05 හේ මෙම වර්ජනය අද ක්‍රියාත්මක කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ.
පශ්චාත් සීමාවාසික ලැයිස්තු නිසි ක්‍රමවේදයක් යටතේ සකස් කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
(Neth)