Tuesday, July 08, 2025
Follow Us
වෛද්‍යවරු හෙට වැඩවර්ජනයක

දිස්ත්‍රික්ක 05ක වෛද්‍යවරුන් ගත් තීරණය


දිස්ත්‍රික්ක 05ක රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට(20) පැය 24ක සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල එම වර්ජනය ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි

හෙට (20) පෙරවරු 08.00 සිට මෙම වර්ජනයේ නියැලීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සීමාවාසික පත්වීම්වල කටයුතු කළ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම මුල් කරගෙන මෙම වර්ධනය ක්‍රියාත්මකය.

වර්ජනයක් පැවතිය ද හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

(Aruna)