රසායනික පොහොර ආනයනය කිරීම සඳහා මේ වන විට ආයතන 20 ක් තම ඇණවුම් ලබාදී තිබෙනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී පොහොර ලේකම් කාර්යාලයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉන් වැඩි පිරිසක් ඇණවුම් ලබාදී තිබෙන්නේ මිශ්‍ර පොහොර ආනයනය කිරීම සඳහා බවයි. එම ආයතන යූරියා ආනයනය කිරීම සඳහා වැඩි උනන්දුවක් නොමැති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
ලෝක වෙළඳපොලේ මේ වන විට පවතින යූරියා මිලෙහි ඉහළයාම හේතුවෙන් මෙලෙස ආනයනකරුවන්ගේ උනන්දුව අඩුවී තිබෙනවා. යූරියා කිලෝ 50 ක මිටියක් ආනයනය කර මෙරට වෙළඳපොලේ අලෙවි කිරීමට හැකි වන්නේ රුපියල් 13,000 ක් හෝ ඊට වඩා වැඩි මිලකටයි.
පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ ගොවීන්ට එවැනි මුදලක් ගෙවා යූරියා පොහොර මිටියක් මිලදී ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ගැටලුවක් පැවතීම ද ඊට හේතුවයි.
මේ වන විට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 05 ක් අඩංගු නෞකාවක් ඉන්දියාවෙන් පිටත්වී තිබෙනවා. ප්‍රථමයෙන්ම නැනෝ නයිට්‍රජන් ලීටර් 94,000 ක් මෙරටට ආනයනය කර බෙදා දුන්නා. ඉන්පසු ඉකුත් සතියේ ආනයනය කරන ලද නැනෝ නයිට්‍රජන් ප්‍රමාණය ලීටර් 60,000 ක්.
(Neth)