දිවයිනම ආවරණය වන පරිදි අද සිට ගෑස් බෙදාහැරීම සිදු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
ඒ අනුව අද දිනයේද කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 35,000 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීමට නියමිතයි.
අද දිනයේද කොළඹ දිස්ත්‍රික්කයට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ගෑස් නිකුත් කිරීම සිදුකරන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.
මතභේදයට තුඩුදුන් ගෑස් නැව් දෙකෙන් එකක් මේ වන විට සම්පූර්ණයෙන් ගොඩබා අවසන්. අනෙක් නැව තවමත් ගොඩබෑමේ අරමුණින් ශ්‍රී ලංකා මුහුදේ නැංගුරම්ලා තිබෙනවා.
ඊට අමතරව තවත් නැව් දෙකක් අද හෝ හෙට දිවයිනට ළඟාවීමට නියමිතයි. එම නැව් දෙක ළඟාවීමත් සමඟ ගෑස් ගොඩබෑම සඳහා තදබදයක් ඇතිවන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.
(Neth)