මතභේදයට තුඩුදුන් ගෑස් නැව් දෙක මේ වන විට වරායෙන් නිදහස් කර තිබෙනවා. ඒ අනුව මේ වන විට එම ගෑස් නැව් වලින් රැගෙන ආ ගෑස් ගොඩබෑම සිදු කරමින් පවතින බවයි ලිට්රෝ සමාගම සඳහන් කළේ.
ගෑස් කාන්දුවකදී ගඳ වහනය වීමට යොදන ”එතිල් මකැප්ටාන්” රසායනිකය මෙම ගෑස් තොගයේ නියමිත ප්‍රමාණයට නොමැති බවට සදහන් කරමින් පාරිභෝගික අධිකාරිය විසින් මෙම නැව් දෙකෙහි ගෑස් ගොඩබෑම තාවකාලිකව නතර කර තිබුණා. නැවත සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි එම ගෑස් නැව් දෙක මුදාහැරීමට තීරණය කර ඇත්තේ.
එලෙස ගෑස් රැගෙන ආ නෞකා දෙක මුදාහැරීමත් සමග වෙළෙඳ පොළට ගෑස් නිකුත් කිරීමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බවයි ලිට්රෝ සමාගම සඳහන් කළේ. ඒ අනුව අද දහවල් 12න් පසු ගෑස් නිකුත් කිරීම ආරම්භ කෙරෙනු ඇති.
අද නිකුත් කිරීමට බලාපොරොත්තු වන කිලෝ ග්‍රෑම් 12.5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව තිස් දහසක්. ඊට අමතරව කිලෝ ග්‍රෑම් 37.5 වර්ගයේ ගෑස් සිලින්ඩර් තුන්දහසක් ද අද දින වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතයි.
ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාත මුල් කරගනිමින් අද දින ගෑස් නිකුත් කිරීමටයි ලිට්‍රෝ සමාගම තීරණය කර ඇත්තේ. ඒ අනුව එම ගෑස් සිලින්ඩර් ප්‍රමාණයෙන් 90% කොළඹ දිස්ත්‍රික්කයට ද අනිකුත් ප්‍රමාණය කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්වල ද බෙදා හැරීමට නියමිත නියමිත බවද එම සමාගම සඳහන් කළා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල දෛනිකව පරිභෝජනය වන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 85,000 කට ආසන්නයි.
(Neth)