ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්
කොළඹ ප්‍රදේශ රැසකට අද (18) රාත්‍රී 11 සිට පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
රාත්‍රී 11 සිට ඉරිදා පෙරවරු 8 දක්වා එම ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
කොළඹ 09,10,11,12,13, සහ 14 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.
මහ කොළඹ ජල සහ අපජල කළමණාකරණ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය පැවසුවේය.
(Aruna)