Tuesday, July 08, 2025
Follow Us
යුගදනවි පෙත්සම විභාගයට ගැනීම ජනවාරි 10ට කල් යයි

කෙරවලපිටිය යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගය ලබන ජනවාරි 10 වනදා දක්වා කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

ඒ, අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (17) කැඳවූ අවස්ථාවේදිය.

මේ අතර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් ඉදිරිපත් කර තිබූ දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථා විරෝධී බවද නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණි.

(LNW)