Wednesday, July 09, 2025
Follow Us
ජනතා හැසිරීම් ‍යහපත් නම්, නව ප්‍රභේදවලට බිය විය යුතු නැහැ

කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීමට හේතු වන දේ


කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීමට හේතු වන්නේ, අන් කිසිවක් නොව, ජනතාවගේ අයහපත් හැසිරීම් රටාව සහ නිසි පරිදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව ක්‍රියා නොකිරීම නිසා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඒ මහතා කියා සිටියේ, මෙම උත්සව සමය උත්සවශ්‍රීයෙන් සැමරීම් සිදු කිරීමට නොහැකි වුව ද, එසේ කිරීමට පෙළඹීම තුළ වෛරසය ව්‍යාප්ත වීමට වැඩි ඉඩකඩක් ඇත්තේ, සමාජ දුරස්ථභාවයට අනුගත නොවී, ඒකරාශී වීම් සිදු වුවහොත් බවයි.

මෙම තත්ත්වය ඇති වීම වළක්වා ගැනීමට නම්, ලංකාවාසී සියලුම ජනතාව මෙම උත්සව සමයේ නිසි සෞඛ්‍ය උපදෙස් , සමාජ දුරස්ථභාවය රඳා ගනිමින් කටයුතු කළහොත්, සතුටින් උත්සව සමය ආරක්ෂිතව සැමරීමට සැමට අවකාශය ලැබෙන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

නව ප්‍රභේද මෙරට තුළ ඇති වුව ද , එයට කිසිලෙසකින් බිය නොවී ජීවත් වීමට හැකියාව ලැබෙන්නේ ද, නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන්නේ නම් පමණක් බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

කොවිඩ් නීතිරීති පසෙකලා වගකීම්සහගත බවින් මිදී කටයුතු කරන්නේ නම්, අප සැමට පෙර සිටි අඳුරු අතීතයට යළි යෑමට අවකාශය හිමිවනු ඇති බවට ද ඔහු පවසනවා.

(Aruna)