කොවිඩ් වෛරසය මර්ධනය සදහා ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙන පැක්ස් ලොවිඩ් නම් ඖෂධය සියයට 90 ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව අනාවරණ වී තිබෙනවා.
එම ඖෂධය ලබා ගැනීමෙන් රෝහල්ගතවීම් සහ අධි අවදානම් සහිත රෝගීන්ගේ මරණ වැළැක්වීම සියයට 90 කින් සාර්ථක බවයි එමගින් හෙළිදරව් වී ඇත්තේ.
ඔමික්‍රොන් නව කොවිඩ් වෛරස ප්‍රභේදයට එරෙහිව මෙම පෙත්ත මගින් කාර්යක්ෂමතාව රදවා ගන්නා බවද රසායනාගාර දත්තවලට අනුව පෙන්නුම්කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ මෙම ඖෂධය අමරිකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටින බවයි ෆයිසර් සමාගම පෙන්වා දෙන්නේ.
(Neth)