Wednesday, July 09, 2025
Follow Us
කොවිඩ් එන්නත් නොගත් පිරිස් වෙත විශේෂ දැනුම් දීමක්

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තුන් වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව දහසය ලක්‍ෂය ඉක්මවා තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තවත් පුද්ගලයන් දෙලක්‍ෂ 346 දෙනෙකු බූස්ටර් මාත්‍රාව ලබාගැනීමත් සමගයි.

ඒ අනුව මේ වනවිට බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව දහසය ලක්‍ෂ 49,368 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මේ අතර එන්නත්කරණය ලක් නොවූ වැඩිහිටියන් සහ කුඩා දරුවන් උත්සව සමයේ රෙදිපිළි අළෙවිසැල්වලට රැගෙන නොයන ලෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක් වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 762 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

(Neth)