Wednesday, July 09, 2025
Follow Us
එළවලු මිල තවත් ඉහළට - අමුමිරිස් 1,000 ට ළංවෙයි

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවලු මිල ඉහළ අගයක් ගෙන තිබෙනවා. අමුමිරිස් කිලෝවක තොග මිල මේ වන විට සටහන් වන්නේ රුපියල් 600 ත් 800 ත් අතරයි.

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 1,000 ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. මාළුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 500 ත් 800 ත් අතර පැවතුණා.

නාරාහේන්පිට, වැලිසර, රත්මලාන, බෝකුන්දර, කැප්පෙටිපොළ, මීගොඩ, නුවරඑළිය, තඹුත්තේගම සහ දඹුල්ල යන ආර්ථික මධ්‍යස්ථානවල මෙම තත්ත්වය දැකගත හැකියි. වැඩිම මිලකට අලෙවි වන එළවලු අතර අමු මිරිස්, මාළු මිරිස්, කැරට්, බෝංචි, බීට්රූට්, ගෝවා සහ තක්කාලි ද ඇතුලත්. නාරාහේන්පිට, රත්මලාන, බෝකුන්දර, මීගොඩ සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි මිල ගණන් රුපියල් 400 ත් 500 ත් අතර මිලක පැවතුණා. කැරට් මිල සටහන් වූයේ රුපියල් 450 ක මට්ටමකයි.

බොහෝ එළවලු වර්ගවල තොග මිල රුපියල් 200 ත් 300 ත් අතර මට්ටමක පවතිනවා. සිල්ලර මිල ගණන් රුපියල් 360 ත් 1,000 ත් අතර මිලක පැවතීම කැපී පෙනෙන තත්ත්වයක්. අමුමිරිස් සහ මාලු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 850 ත් 1,000 ත් අතර පවතින අතර කැරට් සහ බෝංචිවල තොග මිල රුපියල් 500 ත් 600 ත් අතර පවතිනවා. බීට්රූට්, ලීක්ස් සහ ගෝවා කිලෝවක සිල්ලර මිල රුපියල් 500 ට ආසන්නවී තිබීම ද කැපී පෙනෙනෙ තත්ත්වයක්.

(Neth)