Wednesday, July 09, 2025
Follow Us
උත්සව සමයට අලුත් කොවිඩ් නීති පනවන්නැයි සෞඛ්‍ය අංශවලින් ආණ්ඩුවට ඉල්ලීමක්

එළඹෙන උත්සව සමයේදී සෞඛ්‍ය රීති පනවන්නැයි සෞඛ්‍ය වෘත්තිය සමිති ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ මේවනවිට ජනතාවගේ හැසිරීම මත උත්සව සමයෙන් පසු රටේ තත්ත්වය තවත් බරපතල විය හැකි බවයි.

ඔහු කියා සිටියේ රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන පරිදි සෞඛ්‍ය රීති පැනවීමට ඕනෑතරම් අවකාශය ඇති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ද පැවසුවේ උත්සව සමයේදී ජනතාවගේ හැසිරීම මත නව වසරේ කටයුතු තීරණය වනු ඇති බවයි.

පවතින තත්ත්වය සලකා උත්සව සමය වෙනුවෙන් අලුතින් සෞඛ්‍ය රීති පනවනවාද? නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් විමසීමක් කළා.

මේ අතර එළඹෙන උත්සව සමයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරන පුද්ගලයින් ඡක්‍ඍ පරීක්ෂණවලට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි කියා සිටියේ උත්සව සමයෙන් පසු කොවිඩ් ව්‍යාප්තියක් ඇතිවීම වැළැක්වීම මෙහි අරමුණ බවයි.

(Neth)