අද වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 1,500 ක් පමණ වරාය තුළ ගොඩගැසී ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. පරිප්පු, සහල්, සීනි, කඩල, මිරිස් ඇතුලු අත්‍යවශ්‍යම ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් විශාල ප්‍රමාණයක් ඒ අතරට අයත්. වැඩිදුරටත් කළ සොයාබැලීමකදී නෙත් නිවුස් වෙත හෙළි වුණේ ඉන් බහාලුම් 1,000 ක් පමණ මහා පරිමාණයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ආනයනකරුවන්ගේ බවයි.
පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් වරායෙන් මුදා ගැනෙන සංඛ්‍යාව දෛනිකව සියයක් පමණ වන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළා. මෙලෙස දෛනිකව බහාලුම් සියයක් පමණ වරායෙන් මුදා ගැනුන ද එවැනිම ප්‍රමාණයක් යළි වරායට පැමිණීම එලෙස බහාලුම් ගොඩගැසීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
මීට පෙර බහාලුම් 800 ත් 1,000 ත් අතර ප්‍රමාණයක් වරායේ ගොඩගැසී ඇති බවටයි වාර්තා වුණේ. එහෙත් සහල් ආනයනය කිරීමත් සමඟ මෙම තත්ත්වය 1,500 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස වරාය තුළ බහාලුම් ගොඩගැසීම හරහා එම භාණ්ඩ සහ ආහාර රට තුළට පැමිණීමෙන් පසු ඒවායේ මිල ද ඉහළයාමක් සිදුවීමට හැකි බවයි ඔහු සඳහන් කළේ. ඒ, මෙලෙස බහාලුම් වරායෙන් මුදා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ගුදම් ප්‍රමාද ගාස්තු සහ බහාලුම් ප්‍රමාද ගාස්තු ද ඊට එකතු වීම හේතුවෙන්.
මේ අතර මීට පෙර අවස්ථාවකදී අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය සහ ජීවන වියදම් කමිටුව සමග පැවති සාකච්ඡාවකින් පසු මහ බැංකුව හරහා බැංකුවලට ඩොලර් නිකුත් කිරීම සිදු වුණා. ඉන් පසුව විශාල වශයෙන් ගොඩගැසී තිබූ කිරිපිටි ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු බහාලුම් විශාල තොගයක් වරායෙන් මුදා ගැනුණා. එහෙත් මේ වන විට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙලෙස බහාලුම් වරාය තුළ ගොඩගැසී තිබෙනවා.
මේ දක්වා දෛනිකව බහාලුම් 100 ක් පමණ නිදහස් කර ගැණුන ද ඊයේ සහ පෙරේදා දිනයන්හි කිසිදු බහාලුමක් නිදහස් කරගැනීම සඳහා ඩොලර් ලැබී නැහැ. ඒ අනුව මෙලෙස ගොඩගැසී ඇති බහාලුම්වල ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
(Neth)