Wednesday, July 09, 2025
Follow Us
වසරේ දීප්තිමත්ම ධූම කේතුව 18 වැනිදා සිට අහසේ

ශ්‍රී ලාංකිකයන්ට 18 වැනිදා සිට අහසේ දැකගත හැකි දේ


මෙම වසරේ දැකිය හැකි දීප්තිමත්ම ධූම කේතුව මෙමස 18 වැනිදා සිට ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය.

මෙම ධූම කේතුව කලාතුරකින් දැකීමට ලැබෙන බවද ඔහු කීවේය. මෙමස 18 වැනිදා චන්ද්‍රයා නිසා පැහැදිලිව ධූම කේතුව දක්නට නොලැබුණද, පස්වරු 6.30 – 7.00ත් අතර කාලයේදී සිකුරු ග්‍රහලෝකය ආසන්නයේදී මෙම ධූම කේතුව දැකිය හැකි බවද හෙතෙම පැවසීය. කුඩා දුරේක්ෂයකින් වූවද මෙය නැරඹීමට හැකි බවත් යම් වේලාවක් අහස හොඳින් නිරීක්ෂණය කිරීමේදී පියවි ඇසට වූවද එය දැකගත හැකි බවත් මහාචාර්ය සඳහන් කළේය.
මෙම ධූම කේතුව පෘතුවිය ආසන්නයට පැමිණීමට වසර 35,000ක පමණ කාලයක් ගතවී ඇත. මෙම දුර සූර්යයාත් පෘතුවියත් අතර දුර මෙන් 3500 ගුණයකි. ලබන වසරේ ජනවාරි මාසයේ මැද දක්වා මෙම ධූම කේතුව දැකගත හැකි බවත්, පසුව එය ක්‍රමයෙන් දකුණු දිශාවට ගමන් කරන බවත් ඔහු කීවේය.

(Aruna)