සත්තු වත්තට නරඹන්නන් ගෙන්වා ගන්න නව සැලැස්මක්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන් සඳහා කැපකරු මාපිය ක්‍රමයක් ලබන වසරේ ජනවාරි සිට ආරම්භ කරන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෙජනරාල් ෂර්මිලා රාජපක්ෂ පැවසුවාය.
මේ දිනවල එම වැඩසටහනට අදාළ සැලසුම් සකස් කරමින් සිටින බවත් ඇය කීවාය. ජාතික සත්වෝද්‍යානයට නරඹන්නන් ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, සත්වෝද්‍යානය නැරඹීමට පෙරේදා (12 වැනිදා) පුද්ගලයන් හයදහසක් පමණ පැමිණ තිබේ.
‘නත්තල් සීයා’ හා ජාතික සත්වෝද්‍යානයේ අලුතින් ඉපදුණු පැටවුන්ට නම් තැබීම ආදී වැඩසටහන් නිසා නරඹන්නන්ගේ පැමිණීම වැඩිවී ඇත. පැටවුන් සඳහා නම් තැබීම මේ මස 25 වැනිදා සිදු කිරීමට නියමිත අතර, නම් තබන දරුවන්ට ත්‍යාග ද පිරිනැමෙයි.
පින්නවල අලි සංරක්ෂණාගාරය සහ සත්වෝද්‍යානය නැරඹීමට දෛනිකව විදෙස් සංචාරකයන් 80-100 ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බවත්, දෙහිවල ජාතික සත්වෝද්‍යානයට දෛනිකව විදෙස් සංචාරකයන් දසදෙනකු පමණ පැමිණෙන බවද අධ්‍යක්ෂවරිය කීවාය.
(Aruna)