Wednesday, October 23, 2024
Follow Us
සිර දඬුවමට එරෙහිව කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ සූදානමක්

ගංජා සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු වීමෙන් පසුව වසර හයක සිර දඬුවම් ලබා සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා විසින් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම්වන බව වාර්තා වේ.

එම අභියාචනය ඉදිරියේ දී අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර ඉන්පසුව ඔහු වෙනුවෙන් ඇප අයැදුමක් ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර ඇති බව ඔහුගේ නීතිඥවරුන්ට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

2018 වසරේ සැප්තැම්බර් මස 13 වනදා මාලිගාවත්ත ප්‍රදේශයේ දී ගංජා කිලෝ ග්‍රෑම් 5.3 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරද පිළිගත් කංජිපානි ඉම්රාන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඉකුත් සිකුරාදා වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

එම දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලමින් කංජිපානි ඉම්රාන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

(Aruna)