විදුලි සේවකයින්, දුම්රිය සේවකයින් සහ තැපැල් සේවකයින් අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. විදුලි සේවකයින් පවසන්නේ අද දිනයේ ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බවයි. අද දිනයේ පැවැත්වෙන මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට විදුලි වෘත්තිය සමිති 14 කට අධික සේවකයින් එක් වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ කේ ජී යූ නිශාන්ත පැවසුවේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ද අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතාවලට එරෙහිව මෙම පියවර ගත් බවයි.
තැපැල් සේවකයින් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඊයේ පස්වරු 04 සිටයි. ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ අද දිනයේ කිසිදු තැපැල් කාර්යාලයක කටයුතු සිදු නොවන බවයි.
තැපැල් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මකයි.
(Neth)