කවදාහරි දවසක මේක ඔපන් කරන්න ඕනේ.
රජය විසින් වාහන ආනයන යළි අරම්භකරන විට ඒ සඳහා ශ්‍රි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සහායෝගය ලබගන්නා ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේය.
ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාකච්ඡාවක් පසුගිය දා කොළඹදී පවත්වා තිබේ.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ භාණ්ඩාගාරික ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ. “කවදාහරි දවසක මේක ඔපන් කරන්න ඕනේ. එදාට ඒක ඕපන් කරන්න එක සිස්ටම් එකට ඕපන් කරන්න ඕනේ. ඒ සඳහා අපිවත් එකතු කරගන්න මොකද අපේ සංගමය ඉන්නේ දශක තුන හතරක් මේ ව්‍යාපාරයේ නියැලුණු අය.”
(Aruna)