ගෑස් ආශ්‍රිත පිපිරීමකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාවක් මියගොස් ඇති බව මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
මහනුවර ජාතික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සිව්දරු මවකි.
ඇය මහනුවර, කුණ්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති අතර පසුගිය 01 වනදා අලුයම ආහාර පිසීමට සූදානම් වූ අවස්ථාවේදී ගෑස් උඳුන පුපුරා ගොස් ඇත.
අනතුරින් පිළිස්සුම් තුවාල ලැබූ ඇයව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුගිය 10 වනදා ඇය මියගොස් ඇති බව සඳහන්.
මෙම ගෑස් උඳුන පිපිරීමේ අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් රජයේ රසපරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
(LNW)