Wednesday, April 01, 2026
Follow Us
විශාලතම තනි ස්වභාවික නිල් මැණික මෙරටින් හමුවෙයි

ලොව විශාලතම තනි ස්වභාවික "නිල් මැණික" (බ්ලු සැෆයර්) මෙරටින් හමුවී තිබෙනවා. එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන අතර එහි කැරට් 1,550,000ක් අඩංගු බවයි පැවසෙන්නේ.

මෙම නිල් මැණික සඳහා "ආසියාවේ රැජිණ" ලෙස නම් තබා තිබෙන අතර එය රත්නපුර දිස්ත්‍රික්කයෙන් සොයා ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම නිල් මැණික් ගල සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ ගෙන් අප විමසු අතර, සභාපතිවරයා සඳහන් කර සිටියේ තමන් මේ වන විටත් එම මැණික් ගල නැරඹීම සඳහා අදාළ ස්ථානය වෙත යමින් සිටින බවයි.

(Neth)