කූඨ සහ වංචනික වෙළඳුන්ගෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අසාධාරණකම් වැළැක්වීම සඳහා එළඹෙන උත්සව සමයේ වැටලීම් දැඩිකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව උත්සව සමයේ වෙළඳසැල් හදිසි පරීක්ෂාවන්ට ලක් කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ.
උත්සව සමයේදී තොග අවසන් කිරීමේ දීමනා වැනි විවිධ නම්වලින් කල් ඉකුත්වූ භාණ්ඩ සහ පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ වෙළඳපොළට පැමිණීමේ වැඩි අවධානමක් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
(Neth)